Thursday, April 25, 2013

සිතුම් රැළි..


අහස් ගැබ වී මගේ ලෝ තලයේ..

ස්නේහයක් පුද,
ලෝකයට රහසේ.....

සැඟව යනු කෙළෙසේ...//

ඉමක් නොපෙනෙන සිතුම් රැළි සයුරේ..
සොයා එන්නෙමි,
කෙළෙස හෝ නුඹ
ලෝකයට රහසේ...

සොයා එමි කෙළෙසේ...//

සෙනෙහසේ ක්ෂිතිජයම වී
දුර ඈත පෙනෙනා,
මා නොදන්නා ගීතය ද නුඹ
මා නොදන්නා ප්‍රේමයද නුඹ...
මගේ ලොව සරණා..
මතකයක් වී
මගේ ලොව සරණා.....//