අපේ රට තරම් කලාත්මක නිර්මාණ සදහා පාෂාණ(ගල්) යොදාගත් වෙනත් රටක් ගැන මා අසා නොමැත.එහෙත් එය එසේ නොවෙතැයි,අසවල් රටේ අපට වඩා කලාව සදහා ගල් යොදාගෙන ඇතැයි කියන තතු දත් පඩිවරු ඇති නිසා මම මගේ නොදැනීම පිළිබද ඔවුන්ගෙන් සමාව අයැද සිටිමි.
ගල් වලින් කරුණාව,දයාව මැවීමට තරම් අපේ කලාකරුවා තම ප්‍රතිභාව ඔප් නoවා ගෙන තිබිණි.එය වෙන අයෙකුට කෙසේ වෙතත් අපට නම් ආඩම්භරයට කරුණකි.ගල් වලින් නිම වූ පිළිම බොල් වෙන්නේ නැත.
ඒවා කාලයේ රළ පෙලට හසුව දියවී යනු ඇත,නමුත් හරය සුන් වී බොල්වී නොයනු ඇත. අපේ කලාකරුවන් නිර්මාණකරනය සදහා බොහෝවිට ගල් යොදාගන්නට ඇත්තේ පරිසරය හා බද්ධ වුනු අපූරු දැනුමක් ඔවුන් සතුවූ නිසා විය යුතුය.
ඒවායේ කල් පැවැත්ම සහ වටිනාකම ඉතාමත් වැඩි වූයේ මේ තේරීම නිසාය.අපිට අපේ දැනුමක් තිබුනා යැයි කියන්නේ,අපි අපේ දැනුම පිළිබද ආඩම්බර වන්නේ ද මෙවැනි නිර්මාණ නිසාය.ඇතැම් පඩියන්ට මේ සියල්ල ඉන්දියාවෙන් අපට ලැබුනු දෙවල්ය.
එය ඔවුන්ගේ අදහසය ඒ ගැන අපි මෙතන අදහස් නො දක්වමු.වැදගත් වන්නේ ගල් සහ අපේ නිර්මාණයන්ය.ගල් වලින් අපේ ඉතිහාසයට ලැබුනු හරය මෙපමණකැයි කිව නොහැක.
අපි දැන් මේ අදහස තවත් ඉදිරියට ගෙන යමු.එනම් අනෙකුත් අoශ සහ පොදුවේ "සoවර්ධනය" යන තේමාව පිළිබද අපේ අදහස සළකා බලමු.
(සoවර්ධනය යන්නට බොහෝ නිර්වචන ඇත එමෙන්ම ඒ සියළු නිර්වචන ඒ ඒ සoස්කෘතීන්ට එනම් බොහෝ විට බටහිරයන්ට සාපේක්ෂ වේ)
ඉතිහාසය ගැන ඕනෑ තරම් දේවල් ඕනෑම අයෙක්ට ප්‍රකාශ කල හැකිය.ඒ අපි බලන්නේ අපි පසුකර ආ පා සටහන් දෙසය.
අපට ඉදිරියේ තවත් පා සටහන් නොතැබූ හිස් මාවතක් ඇත,අප ඒ මගෙහි ඉදිරියට තබනා පියවර අනුව එහිද පා සටහන් සිටිනු ඇත.අපට ගැටළුව පැන නගින්නේ මෙතනදීය.
අප විසින් තෝරා ගන්නා දිශාව හා මාවත අනුව මෙහි පා සටහන් රැදෙනු ඇත(මේ සදහන් කරන්නේ ඊනියා දක්ශිනාoශික මාවත හෝ වාමoශික මාවත නොවන බව කීමට කැමැත්තෙමි. )
අප ගමන් කරන විට අපට අරමුණක් තිබිය යුතුය.ඇත්තටම අරමුණක් නොමැතිව ගමන් යන්නේ මානසික දුබලතාවන් ඇති අය ය.
අපි අපේ ඉතිහාසය ගැන කෙතරම් වර්ණනා කල ද පසුගිය සියවසක අතීතයේ අප ඇවිද විත් ඇත්තේ පෙර කී මානසික දුබලතාවකින් යුතුව යැයි හැගෙන සිතිවිල්ල නොකියාම බැරිය.
ලයිට් ඇවිල්ලා
පාර දෙපස පොල් ගස් බිම හෙලමින් අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා
කිරි නැන්දගෙ කුස ගින්න නිවාලූ කොස් ගහ කපමින් ලයිට් ඇවිල්ලා
දැඩි මද්දහනේ ගතට සිහිල දුන් නුග ගස කපමින් ලයිට් ඇවිල්ලා
කොස් ගස් පොල් ගස් නුග ගස් මොකටද අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා
(-උපුටා ගැනීම බන්දුල නානායක්කාරවසම් මහතා ගෙනි)
අපි අනුන්ගේ උවමනා එපාකම් වලට අනුව හැඩ ගැසුන රටක් වී හමාරය.අද අපි නටන්නේ අනුන්ගේ තාලයකට ය.
අද රටක් ලෙස සොයාගෙන යන සුභ අනාගතයක් අපට නොපෙනේ,අප දකින්නේ ඊනියා බලවතුන් විසින් අපට පෙන්නන සුභ අනාගතයකි.
අපි බටහිරයන්ගේ යටත් විජිත වී තිබුනු කලාපයක වැසියන් වෙමු.ඔවුන් අප වැනි රටවල් වලට නිදහසක් ලබා දුන්නා යැයි කීවද එය එසේ නොවේ.
එය ඊනියා නිදහසකි,ටොම් පචයකි.ඔවුන් සිදු කළේ අපට නිදහස දීම නොව අපෙන් භෞතිකව ගත හැකි සියල්ල ගෙන ඔවුන්ගේ පරීක්ෂණයන්ට සහ නිරීක්ෂණයන්ට අවැසි වටපිටාව නිර්මාණය කරගැනීම පමණකි.
වර්තමානයේ අපි පරීක්ෂණ නියදි මෙන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටිමු.
අප ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔවුන් අපට ලබා දීමට කැමති සoවර්ධනයයි.ඒ සoවර්ධනය අපේ සිතුවිලිවල නිර්මාණයක් නොවේ.
අපේ පැරණි සoවර්ධනය තුල පරිසරය හා බද්ධ වූ සoගත වූ දර්ශනයක් තිබිණි.එතුළින් අපේ මුතුන්මිත්තන් ළගා කරගත් සුවය අපට සිතන්නටවත් නොහැක.
ඒ සoවර්ධනය ගල් මෙන් නොසැලී පවතින්නක් විය,එයට හරයක් තිබිණි.අප කියන්නේ දැන් අප යලිත් ඒ සoවර්ධනය සොයා යා යුතුයි කියා නොවේ.
අප කියන්නේ දැන් අපි අපේ සoවර්ධනයක් නිර්මාණය කරගත යුතුයි කියාය.ඒ තුළින් අප අපේ හර පද්ධතීන් විනාශ නො කරගත යුතුය.
මීට දින කිහිපයකට පෙර එක්තරා විදේශීය ආචාර්යවරයෙක් විසින් අපට දේශනයක් පවත්වන ලදි.එහි මූලික අදහස වූයේ බලශක්ති පරිහරණයයි.
එය අපට බලෙන් සහභාගී වීම්ට සිදුවූ දේශනයකි.ඒ විදේශීය ඇදුරා එහිදී අප රටේ වැරදි එකින් එක උපහාසයෙන් යුතුව දේශනා කරන අයුරු අපි බැගෑපත්ව අසා සිටියෙමු.
ඔහුට අනුව කොලඹ නගරය ඔහු ආ රටේ එක්තරා නගරයක් ආකාරයට කිසිදා පත් නොවෙනු ඇත.ඒ පඩිතුමාට නොතේරුනද එය එසේ බව අපි ද දනිමු.
ඔහු කොළඹ සහ එම අදාළ රටේ කුඩා ගමක් සසදමින් අපට මහා දේශනාවක් දුන්නේ අප කිසි දිනෙක කොලඹට නොගිය සෙයක් හගවන්නාක් මෙනි.
ඒ පුද්ගලයාගෙන් අපේ රටේ වැදගත් දෙපාර්තමේන්තු රැසක් උපදෙස් ගනු ඇත.එනමුත් ඒ සියළු උපදෙස් ඔහු සහ ඔහුගේ චින්තන සම්ප්රදායට සාපේක්ෂ වනු ඇත.
අප ඊනියා දුප්පත් රටක් ලෙස මුහුණ දී සිටින්නේ මෙවන් ඉරණමකටය.
කෙටියෙන් පවසතොත් අපේ රටේ "කිරිහාමි" ලා "පුoචි බන්ඩා" ලා ඒ රටවල නොමැත,එමෙන්ම ඒ රටවල් වලින් අපට දෙනු ලබන උපදෙස් කිසි දිනෙක අපේ සoස්කෘතියට අපේ දැනුම් පද්ධතියට ගෝචර වන්නේද නැත.
නමුත් මේ මොනවා කීවද අප මේ පඹ ගාලේ පැටලී හමාරය.අපට දැන් ඇත්තේ ගන්ධබ්බ සoස්කෘතියකි.අපිට මුලක් හෝ අගක් සොයා ගත නොහැකි තරම් අප සිරවී ඇත්තේය.
අපේ පැරැණ්නෝ ගල් පිළිම මෙන් නොසැලෙන හර පද්ධතියක් අපට දායාද කලද අප බොල් පිළිම පසු පස හඹාගොස් හති වට්ටා ගෙන ඇත.
අප යම් දිනෙක මෙය වටහා ගනු ඇත."ගල් පිළිමය සහ බොල් පිළිමය මතුපිටින් එකම ස්වරූප ගනී,එනමුත් බොල් පිළිමය ඉරිතැලී පුපුරා යම් දිනෙක එතුළටම කඩා වැටෙන්නේය."
එවිට අප යළිත් ගල් පිළිම නෙළන්නට තනිවම ඉගෙන ගනු ඇත.එවිට අපේ පා සටහන් ප්‍රෞඩ වූ අතීතයක පා සටහන් සමග සමාන්තර වනු ඇත,අප බලා සිටින්නේ ඒ දිනය එන තුරාය.
අපි බලා සිටිමු.