Wednesday, October 24, 2012

remote sensing හෙවත් දුරස්ථ සංවේදනය( II )

අපි නැවතත් දුරස්ථ සංවේදනය ගැන කතා කරමු.


  • spectral resolution
සරලව කියනවනම් spectral resolution කියන්නේ පරාවර්තිත විකිරණයෙන් sensor එකකට ග්‍රහණය කරගන්න පුළුවන් spectral bands සංඛ්‍යාව,නමුත් spectral bands සංඛ්‍යාව වැඩි උන පමණින්ම එහි spectral resolution එක ඉහලයි කියන්න අපට බැහැ.ඒ spectral bands වර්ණාවලියේ කුමන කලාප වලට අයත් ඒවාද යන කරුණත් ඒවගේම වැදගත්. 
ඉහතින් දැක්වුවේ spectral resolutions වලට අදාළ දත්ත කීපයක්.
කිසියම් remote sensing පද්ධතියක spectral resolution එක ඉහලයි කියන එකේ අදහස තමයි වස්තු වෙන් කර ගැනීමේ හැකියාව ඉහලයි කියන එක මොකද බොහෝ band width වලට අදාලව (ඒවගේම කුඩා හෝ ඉතා කුඩා පරාසයන්ට අදාළ spectral data)ග්‍රහණය කර ගැනීමේ හැකියාව එවිට ඉහලයි.

  • temporal resolution
මෙය ඉතාමත් සරල ගුණයක්,ඒ තමයි satellite එකක් පෘතුවියේ යම් සාධාරණ පිහිටීමකට ඉහලින් ගමන් කිරීමේ ආවර්ත කාලය.උදාහරණයක් විදියට හිතුවොත් X කියන satellite එක A කියන පිහිටුමට ඉහලින් වසරකට දෙවතාවක් ගමන් කරන බවත් Y කියන satellite එක A පිහිටුමට ඉහලින් වසරකට 4 වතාවක් ගමන් කරන බවත් හිතමු.එතකොට Y ගේ ආවර්ත කාලය X ගේ ආවර්ත කාලයට වඩා අඩු බව ඔබට පෙනේවි,ඒ කියන්නේ Y මගින් දත්ත ලබා ගැනීමේ හැකියාව (අදාළ A පිහිටුම ගැන) X ට වඩා පැහැදිලිවම වැඩි එනම් Y ගේ temporal resolution එක X ට වඩා වැඩි.

    
  • radiometric resolution 
කිසියම් වස්තුවක් පිලිබඳ දත්ත ලබාගන්නා අවස්ථාවක දී පරාවර්තිත විද්‍යුත් චුම්භක විකිරණ ශක්ති ප්‍රමාණයට sensor එක දක්වන සංවේදීතාවය මෙනමින් හදුන්වයි.මෙය ඉහල අගයක පැවතීමෙන් එම පද්ධතියට ඉතා කුඩා ශක්ති වෙනසකින් යුතු පරාවර්තිත කිරණ වෙන් කර හදුනා ගෙන අදාළ වස්තු වෙන් කර හඳුනාගන්න පුළුවන් හැකියාවක් ඇති බව තහවුරු කරනවා. 

remote sensing හෙවත් දුරස්ථ සංවේදනය

අද ටිකක් වෙනස් දෙයක් අලුත් විදියකට කතා කරන්න ඕනි කියල මට හිතුන නිසාම ගොඩක් දෙනෙක් දන්නා නමුත් බොහෝ දෙනා තවත් දැන ගන්න ආස කරන subject එකක් ගැන කතා කරන්න මම තීරණය කලා.
වැඩි කතා බහක් නැතිවම අපි බලමු remote sensing නැත්නම් දුරස්ථ සංවේදනය කියන්නේ මොකක්ද කියල.

"කිසියම් වස්තුවක් හෝ ප්‍රස්තුතයක්  පිළිබඳව මිනුමක් හෝ තොරතුරු ලබා ගැනීමක් ඒ වස්තුව හෝ ප්‍රස්තුතය හා කිසිදු ආකාරයක භෞතික ස්පර්ශයක් නො කොට කිසියම් උපකරණයක් ආධාරයෙන් සිදුකරන්නේ නම් එය දුරස්ථ සංවේදනයක් වේ ." ලෙස සරලව අපිට remote sensing යන්නට අර්ථ විවරණයක් ලබා දෙන්න පුළුවන්.
උදා: පෘථිවි විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය පිළිබඳ magnetometer එකක් ආධාරයෙන් තොරතුරු ලබා ගැනීම.

මෙහිදී magnetometer එක සංවේදන උපකරණයට උදාහරණයක්, ඒවගේම තමයි,camera,radio frequency receivers,seismographs, gravimeters.. වගේ දේවලුත් අපිට මේ උපකරණ විදියට සලකන්න පුළුවන්.


අපි එදිනෙදා ජිවිතයේ දී නිරන්තරයෙන් දුරස්ථ සංවේදනය සිදු කරන බව අමුතුවෙන් කියන්න උවමනා නෑ නේ,ඇත්තටම අපි අපේ වටපිටාව ගැන දැන ගන්නේ අපේ ඇස් වලින් දැකලා.අපේ මනසින් ඒ දකින දර්ශනය සංස්කරණය කරලා.
නමුත් අපි දකින ලෝකය ඇත්තටම අපි වටේ තියෙන ලෝකයෙන් ඉතාම කුඩා කොටසක්.
  1. අපේ ඇස සංවේදී වෙන්නේ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ (go to වර්ණාවලිය ) දෘශ්‍ය කලාපයට පමණක් වීම 
  2. සිරුරේ පිහිටිම අනුව දර්ශන පථය සිමා වීම 
  3. දකින දර්ශන දිගුකාලීන මතක ගබඩාවක(මෙහිදී මතකය හැසිරවීමට ඇති හැකියාව ද සළකනු ලැබේ) තැන්පත් කිරීමේ නො හැකියාව  
වැනි කරුණු නිසා අපි දකින්නේ ඉතාම සුළු කොටසක්.මේ කරුණු නිසාම වඩා හොඳින් ලෝකය දකින්න scientists ලට වගේම වෙනත් පුද්ගලයන්ටත් ඇතිවුන වුවමනාවෙ ප්‍රතිපලයක් විදියට තමයි,මේ විෂය මේ තරම් දුරට දියුණු වුනේ.

අද ලෝකයට remote sensing නැතිවම බැරි තරම් සමීප වෙලා තියෙන්නෙත් මිනිස්සුන්ගේ තියෙන මේ ආශාවම නිසා වෙන්න ඇති.

හොඳයි ඒ idea එක හිතේ තියාගෙන අපි බලමු කිසියම් දුරස්ථ සංවේදනයක් මුලිකවම අපි චන්ද්‍රිකා මාර්ගයෙන් සිදු කරන ක්‍රියාවලිය කොයි වගේද  කියල.
  • අරමුණ පැහැදිලි කරගැනීම සහ සංවේදක ඒ අනුව තෝරා ගැනීම. 
මේ කියන්නේ යම්කිසි සංවේදන කටයුත්තක් සිදු කිරීම ආරම්භ කිරීමට ප්‍රථම ඒ සංවේදනය සිදුකරන්නේ(නැතිනම් ඒ දත්ත ලබාගන්නේ කුමක් සඳහාද ) කුමක් සඳහා ද යන්න තේරුම් ගත යුතුයි කියන එකයි.හිතන්න අපි satellite එකක් ආධාර කරගෙන වී වගාවක් ගැන තොරතුරු එකතු කරනව කියල එතකොට අපට අදාළ වගාවට උඩින් satellite එක ගමන් කරන frequency ගැන අවබෝධයක් තියෙන්න ඕන නැතිනම් දත්ත රැස් කිරීමේදී අපිට උවමනා අවස්ථාවේදී satellite එක එම ස්ථානයට උඩින් නොපිහිටන්න පුළුවන්.ඒවගේමයි සංවේදක තෝරාගන්න එකත්,අපි දැනගෙන තියෙන්න ඕන අපිට ඕනකරන්නේ මොන ආකාරයක දත්ත ද කියන එක සමහර විට අපි තෝරගත්ත සන්වෙදකයෙන් අපිට ඕනකරන දත්ත ග්‍රහණය කරගන්න බැරි වෙන්න පුළුවන් මේ නිසා මුලින්ම ඒ ගැන අවධානය යොමු කරන එක වැදගත්.

  •  දත්ත ග්‍රහණය කරගැනීම,ගබඩා කිරීම සහ සැකසීම 
මෙහිදී සිදුවන්නේත් ඉතා සරල ක්‍රියාවක් satellite එකෙන් ග්‍රහණය කරගත් දත්ත තොරතුරු බවට පත් කරගන්න තුරු සිදුවන ක්‍රියාව තමයි ඒ.

  • අවසාන වශයෙන් ලබාගත් දත්ත විශ්ලේෂණය  කිරීම.




A- විකිරණ(ආලෝක) ප්‍රභවය   B- තරංග වල ගමන් මාර්ගය  C- object එක සමග සිදුකරන අන්තර් ක්‍රියාව 
D- සංවේදකය මගින් පරවතිත ශක්තිය ග්‍රහණ කරගැනීම 
E- දත්ත විකාශනය ග්‍රහණය කිරීම සහ සැකසීම 
F- විශ්ලේෂණය 
G- ප්‍රයෝගික යෙදවීම 

මේ කරුණු 3 තමයි ඕනෑම දුරස්ථ සන්වේදනයකදී සිද්ද වෙන්නෙ.

දැන් අපි බලමු මේ පද්ධතියක් ගත්තම එහි  ගුණ අගුණ මොන වගේද කියල 

remote sensing පද්ධතියක resolution එකෙන් අපිට ඒ පද්ධතියේ ගුණාත්මක බව නිර්ණය කරන්න පුළුවන් ඇත්තටම මේ system resolution එක කොටස් 4ක resolutions වල එකතුවක් විදියට අපිට දකින්න පුළුවන්.

  1.  spatial resolution
  2. spectral resolution
  3. temporal resolution
  4. radiometric resolution
කියන්නේ ඒ 4 ආකාරයක resolutions වලටයි 

  • spatial resolution 
 සංවේදක උපකරණවල sensors ග්‍රහණය කරගන්නා වර්ග ප්‍රමාණය මෙනමින් හදුන්වන්න පුළුවන්,මේක අපිට සරලව මේවගේ තේරුම් ගන්න පුළුවන් shuttle එකක් තුල සිටින අභ්‍යවකාශ ගාමියෙක් පෘථිවියේ එක ප්‍රදේශයක් දකින අවස්ථාවක් සළකමු.ඔහුට ඒ අවස්ථාවේදී මහද්වීපයක් අපුරුවට දැකගන්න පුළුවන් වෙයි නමුත් ඔහුට ඒ මහද්වීපයේ නැතිනම් අදාළ භුමි කලාපයේ ගෙවල්,වාහන වගේ කුඩා වස්තුන් පැහැදිලිව දැක ගන්න බැහැ.satellite එකක sensor එකක් කියන්නෙත් ම්නිසාගේ ඇස වගේම දෙයක් එයට පැහැදිළිව ග්‍රහණය කරගන්න පුළුවන් අවම වර්ග ප්‍රමාණය කුඩා වෙන තරමටම එහි spatial resolution එක ඉහලයි කියල සලකන්න පුළුවන්. 
 මා මෙහිදී ඉතා වැදගත් දෙයක් කියන්න කැමති බොහෝ දෙනෙක් pixel resolution සහ spatial resolution කියන දෙක සමානයි කියල හිතනවා නමුත් එක වැරදි අදහසක් pixel එකක් කියන්නේ image එකක් හැදිලා තියෙන කුඩාම කොටසට නමුත් spatial resolution එක කියන්නේ sensor එකකට ග්‍රහණය වෙන කුඩාම වර්ග ප්‍රමාණය නැත්නම් භුමි ප්‍රමාණය.
හිතන්න sensor එකක spatial resolution එක 20 m කියල,අපි දැන් මේ sensor එකෙන් ගත්ත image එකක් එයාගේ full resolution එකෙන් display කරනවා කියල.එහෙම උනොත් හැම pixel එකකින්ම නිරුපනය වෙන්නේ වර්ග ප්‍රමාණය 20 m X 20 m උන භුමි කලාපයක්.මේ වෙලාවේදී pixel size එකයි spatial resolution 
එකයි දෙකම එකක්.නමුත් spatial resolution එකට වෙනස් pixel size එකකින් උනත් images පෙන්නන්න පුළුවන් බව අපි මතක තියාගන්න ඕන.නමුත් සමස්ථයක් විදියට satellite image එකක pixel size එක කියන එකෙනුත් අපිට spatial resolution එක හඳුන්වන්න පුළුවන්,pixel size of the image = spatial resolution of the sensor කියල උපකල්පනය කරලා.  





Tuesday, August 7, 2012

ගල් පිළිම සහ බොල් පිළිම


අපේ රට තරම් කලාත්මක නිර්මාණ සදහා පාෂාණ(ගල්) යොදාගත් වෙනත් රටක් ගැන මා අසා නොමැත.එහෙත් එය එසේ නොවෙතැයි,අසවල් රටේ අපට වඩා කලාව සදහා ගල් යොදාගෙන ඇතැයි කියන තතු දත් පඩිවරු ඇති නිසා මම මගේ නොදැනීම පිළිබද ඔවුන්ගෙන් සමාව අයැද සිටිමි.
ගල් වලින් කරුණාව,දයාව මැවීමට තරම් අපේ කලාකරුවා තම ප්‍රතිභාව ඔප් නoවා ගෙන තිබිණි.එය වෙන අයෙකුට කෙසේ වෙතත් අපට නම් ආඩම්භරයට කරුණකි.ගල් වලින් නිම වූ පිළිම බොල් වෙන්නේ නැත.
ඒවා කාලයේ රළ පෙලට හසුව දියවී යනු ඇත,නමුත් හරය සුන් වී බොල්වී නොයනු ඇත. අපේ කලාකරුවන් නිර්මාණකරනය සදහා බොහෝවිට ගල් යොදාගන්නට ඇත්තේ පරිසරය හා බද්ධ වුනු අපූරු දැනුමක් ඔවුන් සතුවූ නිසා විය යුතුය.
ඒවායේ කල් පැවැත්ම සහ වටිනාකම ඉතාමත් වැඩි වූයේ මේ තේරීම නිසාය.අපිට අපේ දැනුමක් තිබුනා යැයි කියන්නේ,අපි අපේ දැනුම පිළිබද ආඩම්බර වන්නේ ද මෙවැනි නිර්මාණ නිසාය.ඇතැම් පඩියන්ට මේ සියල්ල ඉන්දියාවෙන් අපට ලැබුනු දෙවල්ය.
එය ඔවුන්ගේ අදහසය ඒ ගැන අපි මෙතන අදහස් නො දක්වමු.වැදගත් වන්නේ ගල් සහ අපේ නිර්මාණයන්ය.ගල් වලින් අපේ ඉතිහාසයට ලැබුනු හරය මෙපමණකැයි කිව නොහැක.




අපි දැන් මේ අදහස තවත් ඉදිරියට ගෙන යමු.එනම් අනෙකුත් අoශ සහ පොදුවේ "සoවර්ධනය" යන තේමාව පිළිද අපේ අදහස සළකා බලමු.
(සoවර්ධනය යන්නට බොහෝ නිර්වචන ඇත එමෙන්ම ඒ සියළු නිර්වචන ඒ ඒ සoස්කෘතීන්ට එනම් බොහෝ විට බටහිරයන්ට සාපේක්ෂ වේ)
ඉතිහාසය ගැන ඕනෑ තරම් දේවල් ඕනෑම අයෙක්ට ප්‍රකාශ කල හැකිය.ඒ අපි බලන්නේ අපි පසුකර ආ පා සටහන් දෙසය.
අපට ඉදිරියේ තවත් පා සටහන් නොතැබූ හිස් මාවතක් ඇත,අප ඒ මගෙහි ඉදිරියට තබනා පියවර අනුව එහිද පා සටහන් සිටිනු ඇත.අපට ගැටළුව පැන නගින්නේ මෙතනදීය.
අප විසින් තෝරා ගන්නා දිශාව හා මාවත අනුව මෙහි පා සටහන් රැදෙනු ඇත(මේ සදහන් කරන්නේ ඊනියා දක්ශිනාoශික මාවත හෝ වාමoශික මාවත නොවන බව කීමට කැමැත්තෙමි. )
අප ගමන් කරන විට අපට අරමුණක් තිබිය යුතුය.ඇත්තටම අරමුණක් නොමැතිව ගමන් යන්නේ මානසික දුබලතාවන් ඇති අය ය.
අපි අපේ ඉතිහාසය ගැන කෙතරම් වර්ණනා කල ද පසුගිය සියවසක අතීතයේ අප ඇවිද විත් ඇත්තේ පෙර කී මානසික දුබලතාවකින් යුතුව යැයි හැගෙන සිතිවිල්ල නොකියාම බැරිය.

ලයිට් ඇවිල්ලා

පාර දෙපස පොල් ගස් බිම හෙලමින් අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා
කිරි නැන්දගෙ කුස ගින්න නිවාලූ කොස් ගහ කපමින් ලයිට් ඇවිල්ලා
දැඩි මද්දහනේ ගතට සිහිල දුන් නුග ගස කපමින් ලයිට් ඇවිල්ලා
කොස්  ගස් පොල් ගස් නුග ගස් මොකටද අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා
(-උපුටා ගැනීම බන්දුල නානායක්කාරවසම් මහතා ගෙනි)

අපි අනුන්ගේ උවමනා එපාකම් වලට අනුව හැඩ ගැසුන රටක් වී හමාරය.අද අපි නටන්නේ අනුන්ගේ තාලයකට ය.
අද රටක් ලෙස සොයාගෙන යන සුභ අනාගතයක් අපට නොපෙනේ,අප දකින්නේ ඊනියා බලවතුන් විසින් අපට පෙන්නන සුභ අනාගතයකි.
අපි බටහිරයන්ගේ යටත් විජිත වී තිබුනු කලාපයක වැසියන් වෙමු.ඔවුන් අප වැනි රටවල් වලට නිදහසක් ලබා දුන්නා යැයි කීවද එය එසේ නොවේ.
එය ඊනියා නිදහසකි,ටොම් පචයකි.ඔවුන් සිදු කළේ අපට නිදහස දීම නොව අපෙන් භෞතිකව ගත හැකි සියල්ල ගෙන ඔවුන්ගේ පරීක්ෂණයන්ට සහ නිරීක්ෂණයන්ට අවැසි වටපිටාව නිර්මාණය කරගැනීම පමණකි.
වර්තමානයේ අපි පරීක්ෂණ නියදි මෙන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටිමු.
අප ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔවුන් අපට ලබා දීමට කැමති සoවර්ධනයයි.ඒ සoවර්ධනය අපේ සිතුවිලිවල නිර්මාණයක් නොවේ.
අපේ පැරණි සoවර්ධනය තුල පරිසරය හා බද්ධ වූ සoගත වූ දර්ශනයක් තිබිණි.එතුළින් අපේ මුතුන්මිත්තන් ළගා කරගත් සුවය අපට සිතන්නටවත් නොහැක.
ඒ සoවර්ධනය ගල් මෙන් නොසැලී පවතින්නක් විය,එයට හරයක් තිබිණි.අප කියන්නේ දැන් අප යලිත් ඒ සoවර්ධනය සොයා යා යුතුයි කියා නොවේ.
අප කියන්නේ දැන් අපි අපේ සoවර්ධනයක් නිර්මාණය කරගත යුතුයි කියාය.ඒ තුළින් අප අපේ හර පද්ධතීන් විනාශ නො කරගත යුතුය.

මීට දින කිහිපයකට පෙර එක්තරා විදේශීය ආචාර්යවරයෙක් විසින් අපට දේශනයක් පවත්වන ලදි.එහි මූලික අදහස වූයේ බලශක්ති පරිහරණයයි.
එය අපට බලෙන් සහභාගී වීම්ට සිදුවූ දේශනයකි.ඒ විදේශීය ඇදුරා එහිදී අප රටේ වැරදි එකින් එක උපහාසයෙන් යුතුව දේශනා කරන අයුරු අපි බැගෑපත්ව අසා සිටියෙමු.
ඔහුට අනුව කොලඹ නගරය ඔහු ආ රටේ එක්තරා නගරයක් ආකාරයට කිසිදා පත් නොවෙනු ඇත.ඒ පඩිතුමාට නොතේරුනද එය එසේ බව අපි ද දනිමු.
ඔහු කොළඹ සහ එම අදාළ රටේ කුඩා ගමක් සසදමින් අපට මහා දේශනාවක් දුන්නේ අප කිසි දිනෙක කොලඹට නොගිය සෙයක් හගවන්නාක් මෙනි.
ඒ පුද්ගලයාගෙන් අපේ රටේ වැදගත් දෙපාර්තමේන්තු රැසක් උපදෙස් ගනු ඇත.එනමුත් ඒ සියළු උපදෙස් ඔහු සහ ඔහුගේ චින්තන සම්ප්රදායට සාපේක්ෂ වනු ඇත.
අප ඊනියා දුප්පත් රටක් ලෙස මුහුණ දී සිටින්නේ මෙවන් ඉරණමකටය.
කෙටියෙන් පවසතොත් අපේ රටේ "කිරිහාමි" ලා "පුoචි බන්ඩා" ලා ඒ රටවල නොමැත,එමෙන්ම ඒ රටවල් වලින් අපට දෙනු ලබන උපදෙස් කිසි දිනෙක අපේ සoස්කෘතියට අපේ දැනුම් පද්ධතියට ගෝචර වන්නේද නැත.

නමුත් මේ මොනවා කීවද අප මේ පඹ ගාලේ පැටලී හමාරය.අපට දැන් ඇත්තේ ගන්ධබ්බ සoස්කෘතියකි.අපිට මුලක් හෝ අගක් සොයා ගත නොහැකි තරම් අප සිරවී ඇත්තේය.
අපේ පැරැණ්නෝ ගල් පිළිම මෙන් නොසැලෙන හර පද්ධතියක් අපට දායාද කලද අප බොල් පිළිම පසු පස හඹාගොස් හති වට්ටා ගෙන ඇත.
අප යම් දිනෙක මෙය වටහා ගනු ඇත."ගල් පිළිමය සහ බොල් පිළිමය මතුපිටින් එකම ස්වරූප ගනී,එනමුත් බොල් පිළිමය ඉරිතැලී පුපුරා යම් දිනෙක එතුළටම කඩා වැටෙන්නේය." 
එවිට අප යළිත් ගල් පිළිම නෙළන්නට තනිවම ඉගෙන ගනු ඇත.එවිට අපේ පා සටහන් ප්‍රෞඩ වූ අතීතයක පා සටහන් සමග සමාන්තර වනු ඇත,අප බලා සිටින්නේ ඒ දිනය එන තුරාය.


අපි බලා සිටිමු.

Monday, July 23, 2012

පශ්චාත් Z කලමනාකරණය

රටක මිනිසුන්ගෙ හැකියාවන් මැනීමට විවිධ මිනුම් දඩු එම රටේ උගතුන් විසින් සකසා ඇත.අප ඊනියා සමානත්වයක් ගැන කෙතරම් කතා කළද සමාජයේ ස්ථර ලෙස අපි වෙන්වී ජීවත් වන්නෙමු.මෙසේ බෙදී යාම ඒ ඒ මිනුම් දඩුවලට සාපේක්ෂ වේ.අප රටේ විභාග යනු ද එවැනි මැනීම සදහා යොදාගන්නා ක්‍රමයකි.විභාගයක් සමත් වීම හෝ නොවීම එක් අතකට ද්වීකෝටික ප්‍රස්තුතයකි.එහිදී එක්කෝ සමත් වීම සිදුවේ,නැතිනම් අසමත් වීම සිදුවේ.විභාගයකට යන අප දැන සිටියේ මෙය ය.  (යමෙක් එකවර සමත් වී හා නොවී සිටිය හැකිය එය වෙනත් අවස්ථාවකි අපි මෙහිදී එය මදකට නොසළකා හරිමු.)ප්‍රථිඵල නිකුත් වීමෙන් පසු අපි pass ද fail ද යන වග හරියටම දැන ගතිමු.උසස් පෙළ යනු ද එවැනි විභාගයකි.එහිදී pass හෝ fail යන්නට වඩා වැඩි යමක් අපට දැනුම් දෙනු ලබයි.ඒ ඊනියා දුප්පත් රටක් වූ අප රටේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාළ Z අගයයි.මෙය සoඛ්‍යාන විද්‍යාවට අදාළ කටයුත්තකි(ගණිතය ගැන අපට වඩා දන්නා අය ඉන්නා නිසා එය ව්‍යුත්පන්න කරගන්නා අයුරු මෙහිදී සදහන් නොකරමු )එමෙන්ම එය එතරම් ලොකු වැඩක්ද නොවේ.කෙසේ හෝ අපේ රටේ පණ්ඩිතයෝ මේ කටයුතු සිදු කරති.අවසානයේ ප්‍රතිඵල ද නිකුත් කරති.2011 ද උසස් පෙළ පැවැත්වූ අතර හිතුවාටත් වඩා ඉක්මනින් ප්‍රතිඵල ද නිකුත් විය.ඒ අපේ කතාවේ ආරම්භයයි.කතාව රසවත් වන්නේ මීට පසුවය.2011 A/L ප්‍රතිඵල ඉතා ලස්සන ය.හයිසෙන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූළධර්මය මෙන් එම ප්‍රතිඵල වල දිස්ත්‍රික් කුසලතාව සහ සමස්ත දිවයිනේ කුසලතාව එක් අපේක්ෂකයෙක් සදහා එකවර දැනගත නොහැකි විය.එනම් සoගතව අප දන්නා ගණිතයෙන් එහි rankings පුරෝකථනය කළ නොහැකි විය.ඇතැම් විට එය සම්භාව්ය විභාගයක්(classical exam) නොවන්නට ඇත,අපි එය නොදනිමු.යමෙකු ගේ දිවයිනේ කුසලතාව 12 වනවිට ඔහු අදාළ දිස්ත්‍රික්කයේ 150 වෙනියාය(උදාහරණයක් පමණි ).එය ආශ්චර්යයකි.


එහෙත් එය ක්වන්ටම් වර්ගයේ විභායක් නොවූ බව පසුව අපි දැනගත්තෙමු.ඒ ප්‍රතිඵල "මෙව්වා" කිරීමට යාමේදී විෂය නිර්දේශ 2ක් තිබූ නිසා අවුල් වූ බව බොහෝ අය පිළිගත් නිසාත් සුපුරුදු පරිදි එහි අවුලක් නැති බව සම'හරක්' අය කිවූ නිසාත් ය.( http://www.youtube.com/watch?v=tCkBFhwEntQ ).මේ සියල්ල සිදුවීමෙන් පසු යළිත් ප්‍රථිඵල නිකුත් කරන ලදි(එය සිදුකළේ අධිකරණ නියෝගයක් මත බවද අපි අමතක නොකරමු ) අපේ කතාවේ උච්ච අවස්ථාව එන්නේ මෙතනදී ය.
බොළද ආදර කතා පොත් වල අනන්තවත් හිත් රිදවීම් අප කියවා ඇත.ඒවායේ හිත් රිදෙන්නේ පාවා දීම් හා රැවටීම් වලටය.මේ ප්‍රතිඵල වල ඇත්තේ ජාතික මට්ටමේ රැවටීමකි,මහා පරිමාණ හිත් රිදවීමකි.එයද ආශ්චර්යයකි. මාසයකට පෙර ඉන්ජිනේරු/නීති/eවෙද්‍ය/කළමනාකරණ සිසුවෙක් වීමට සිහින මැවූ අය දැන් යළිත් උ.පෙ. කරන්නට සූදානම් විය යුතුව ඇත.නැතහොත් ඉක්මනට කුමක් හෝ දෙයක් කළ යුතුව ඇත(එය කුමක්දැයි කීමට අපි නොදනිමු,අපේ කෝපයට සහ දුකට හේතුවද එයම ය ).ඒ ඔවුන්ට අළුත් ඇම්මක් ආ නිසා නොවේය,රාජකීය ඇමක් කෑමට ඔවුන්ට සිදුවූ නිසාය.ඔවුන්ගේ සිහින බොදවූ නිසාය.මේ ප්‍රතිඵල එහෙම්පිටිම්ම අච්චාරුවක් වූ නිසාය.ගමේ මිනිසුන්ට මුහුණ දීමට දැන් අපහසු නිසාය.දැන් ඔවුන්ට දැනෙන දුක,කළකිරීම,වේදනාව,බලාපොරොත්තු කඩවීම,විශාදය,ආතතිය අපට ද හොදින් වැටහේ යැයි කීමට තරම් අපි බොරු නොකියමු.




අපට අපේම මල්ලිලාට නoගිලාට වූ වරදක් මෙන් දැඩි වේදනාවක් දැනටමත් ඇතිවී තිබේ,නමුත් ඔවුන්ගේ වේදනාව ඊටත් වඩා ගොඩාක් වැඩි බව අපට තෙරේ,එය සැබෑවකි. දැන් කරන්නට ඇත්තේ එකම එක දෙයකි.එනම් මෙයට විරුද්ධව නැගී සිටීමය.ඒ මල්ලිලා නoගිලා තනිවී නොමැති බව දැනුම් දීමය.
මා මෙන්ම මෙවැනි සටහන් තබන අය බොහෝ සිටිති,අපි සැවොම බලාපොරොත්තුවන එක දෙයක් ඇත,එනම් මේ අදහස් වචන වලට සීමා නොවී සැබෑවට ක්‍රියාත්මක කිරීමට හැකිවේවා! යන්නය.මා එක් අයෙක් පමණි නමුත් මා මෙන් බොහෝ අය සිතති,මීට වඩා හොදින් සිතන ක්‍රියාත්මක වන සැබෑ ශිෂ්‍ය නායකයෝ ද සිටිති,මා ඔවුන් සමගය.අප ඔවුන් සමගය.අපට වැරදීමට ඉඩක් නොමැත,අපේ මල්ලිලා නoගිලාට වරදක් වීමට ඉඩක් තැබිය නොහැක.මේ අපේ සිතුවිල්ලයි.
එය ක්‍රියාත්මක වන දිනයේ සැබෑ ආශ්චර්යය සිදුවනු ඇත.

Saturday, July 7, 2012

රතු ඇපල් කොළ ඇපල් සහ සුදු ඇපල්..............!

යම්කිසි රටක ජීවත් වන ජනතාව, තම පරමාධිපත්‍ය බලය යොදා ගනිමින් පාලකයන් තෝරාගනු ලබන්නේ එම රටේ අනාගතය සහ වර්තමානය ඔවුන් අතට බාර දීම වඩාත් උචිත යයි සිතමින් ය.එහෙත් අවාසනාවක වත්මන් ප්‍රපන්චයන් පිලිඹHද ගැඹුරින් සන්වාදයේ යෙදීමට සූදානම් වන ඕනෑම අයෙක් තම අදහස් ප්‍රකාශ කල සැනින්
ඔහු හෝ ඇය යම් රාමුගත දේශපාලනයකට ඇද දැමීමට අපේ රටේ බහුතර ජනතාව තුළ ඇම්මක් ඇති බව ප්‍රකට කරුණකි.
යම්කිසි රටක ජීවත් වන ජනතාව, තම පරමාධිපත්‍ය බලය යොදා ගනිමින් පාලකයන් තෝරාගනු ලබන්නේ එම රටේ අනාගතය සහ වර්තමානය ඔවුන් අතට බාර දීම වඩාත් උචිත යයි සිතමින් ය.එහෙත් අවාසනාවකට   

අපි ඇපල් දැක ඇත්තෙමු,ඇපල් නො කෑ අයෙක් නැති තරම් බවද දනිමු,
රතු වුවද කොල වුවද ඇපල් කන්නේ ඇපල් කනවා යන හැගීමෙන් මිස වෙන හැගීමකින් නොවේ ය.ඇපල් කන්නට ඕනෑ කෙනෙක්ට නිදහසක් 
ද තිබේ,ඒ පුද්ගලයාගේ රුචි අරුචි කම අනුව 
ඔහු කැමති පාටක ඇපල් කනු ඇත.ප්‍රශ්නය ඇත්තේ තෝරා ගැනීමට ප්‍රථම එක් වරක් හෝ ඔහුට 
ඇපල් රස පිළිබද අනුභූතියක් ලැබී තිබිය යුතු වීමය,රස පිළිබද දැනීමක් නොමැතිව තෝරා ගන්නා 
ඇපල් කන පුද්ගලයා කෑමෙන් පසුව තමාගේ රුචිකත්වය අවබෝධ කරගන්නේය,මෙසේ එක් දිනක රස යැයි 
සම්මත වූ ඇපල් වර්ගය වෙනත් අවස්ථාවක දී එම පුද්ගලයා විසින් ම නීරස යැයි පැවසිය හැක,
එය මනුස්ස ස්වභාවය ය.එවිට නීරස යැයි හැගුනු ඇපල් අත් හැර වෙනත් ඇපල් වර්ගයක් තෝරා ගත යුතු ය.
එසේත් නැත්නම් ඇපල් කෑම අත් හැරිය යුතුය.
ඇපල් තේරීම සහ දේශපාලන තේරීම අතර ඇත්තේ ද සමානකමකි.
දේශපාලන පක්ෂ පාටවල් අප තෝරාගන්නේ ඒවායේ ප්‍රතිපත්ති යන රසයන් ට ඇළුම් කරනා නිසාවෙනි.
එසේනම් අපි පළමුව ඒ ඒ රසයන් විHද බැලිය යුතු වන්නෙමු.
එහෙත් ඇපල් අත් හරින ලෙසින් දේශපාලනය අත් හැරීමට අප බොළද නොවිය යුතුය.
ඇපල් රස වෙනකෙකුගෙන් අසා තෙරුම් ගත නොහැක්කා සේම දේශපාලන තීරණයද තවත් කෙනෙක්ගෙන් අසා නොගත යුතුය,එය පුද්ගලයාගේ චින්තන සම්ප්‍රදායට සන්ගත වූ අතිශය වැදගත් තීරණයක් බව සිහි තබා ගත යුතුය,මන්ද එය තීරකයාගේ මෙන්ම ඔහු අයිති වන වර්ගයාගේ පැවැත්ම ද තීරණය කරනු ඇත.
රතු හෝ කොල ඇපල් වල රසයට අකමැති නමුදු ඇපල් කන්නම සිදුවේ නම් කළ යුත්තේ "සුදු" ඇපල් වත් සොයා ගැනීමය.
දේශපාලන තීරණය ද එසේමය...  

Wednesday, July 4, 2012

path

some times i wonder whether i'm thinking too much, but often i realize that there are so many people who "think" more than me.In this world of complexity, following one particular path often leads you to dissatisfaction.the same fate lies with me also, the path which lies between the two extremes is very hard to be understood.some wise guy has once said that one could understand the limits of everything by only exceeding the so called limits themselves.but should we be so eager to exceed our own limits in order to achieve such a goal? if so aren't we already inside our own extremes? but of course its worthless in believing that we are following a path which leads us to the total satisfaction,as we all one day would die without the total completion of our dream. may be there exists such a path which avoids this fear of dying incomplete and,
if such a path does exist then it would be the wisest thing on earth to follow it.

LISTEN........!

i wanted to say thousand things..
nobody was prepared to listen..
i stopped saying and remained quiet..
then everybody wanted to hear something from me..
may be attention is all what we need to live...
i got it via silence.
yeah it is true
"one moment of silence is the same as speaking thousand words at once...!"