Wednesday, October 24, 2012

remote sensing හෙවත් දුරස්ථ සංවේදනය( II )

අපි නැවතත් දුරස්ථ සංවේදනය ගැන කතා කරමු.


  • spectral resolution
සරලව කියනවනම් spectral resolution කියන්නේ පරාවර්තිත විකිරණයෙන් sensor එකකට ග්‍රහණය කරගන්න පුළුවන් spectral bands සංඛ්‍යාව,නමුත් spectral bands සංඛ්‍යාව වැඩි උන පමණින්ම එහි spectral resolution එක ඉහලයි කියන්න අපට බැහැ.ඒ spectral bands වර්ණාවලියේ කුමන කලාප වලට අයත් ඒවාද යන කරුණත් ඒවගේම වැදගත්. 
ඉහතින් දැක්වුවේ spectral resolutions වලට අදාළ දත්ත කීපයක්.
කිසියම් remote sensing පද්ධතියක spectral resolution එක ඉහලයි කියන එකේ අදහස තමයි වස්තු වෙන් කර ගැනීමේ හැකියාව ඉහලයි කියන එක මොකද බොහෝ band width වලට අදාලව (ඒවගේම කුඩා හෝ ඉතා කුඩා පරාසයන්ට අදාළ spectral data)ග්‍රහණය කර ගැනීමේ හැකියාව එවිට ඉහලයි.

  • temporal resolution
මෙය ඉතාමත් සරල ගුණයක්,ඒ තමයි satellite එකක් පෘතුවියේ යම් සාධාරණ පිහිටීමකට ඉහලින් ගමන් කිරීමේ ආවර්ත කාලය.උදාහරණයක් විදියට හිතුවොත් X කියන satellite එක A කියන පිහිටුමට ඉහලින් වසරකට දෙවතාවක් ගමන් කරන බවත් Y කියන satellite එක A පිහිටුමට ඉහලින් වසරකට 4 වතාවක් ගමන් කරන බවත් හිතමු.එතකොට Y ගේ ආවර්ත කාලය X ගේ ආවර්ත කාලයට වඩා අඩු බව ඔබට පෙනේවි,ඒ කියන්නේ Y මගින් දත්ත ලබා ගැනීමේ හැකියාව (අදාළ A පිහිටුම ගැන) X ට වඩා පැහැදිලිවම වැඩි එනම් Y ගේ temporal resolution එක X ට වඩා වැඩි.

    
  • radiometric resolution 
කිසියම් වස්තුවක් පිලිබඳ දත්ත ලබාගන්නා අවස්ථාවක දී පරාවර්තිත විද්‍යුත් චුම්භක විකිරණ ශක්ති ප්‍රමාණයට sensor එක දක්වන සංවේදීතාවය මෙනමින් හදුන්වයි.මෙය ඉහල අගයක පැවතීමෙන් එම පද්ධතියට ඉතා කුඩා ශක්ති වෙනසකින් යුතු පරාවර්තිත කිරණ වෙන් කර හදුනා ගෙන අදාළ වස්තු වෙන් කර හඳුනාගන්න පුළුවන් හැකියාවක් ඇති බව තහවුරු කරනවා. 

No comments:

Post a Comment