නිවාඩුවේ නිකමෙක් ලෙස කාලකන්ණි වීම වැලකීම සඳහා ඔහු බදුල්ලේ සිටි තම මිතුරෙකු හමුවීමට ගියේය. බොහෝ කාලයකට පසුව හමුවීම නිසා මිතුරාගේ පෙරැත්ත මත දින දෙකක් බදුල්ලේ ගත කල ඔහු වැඩිමනක් නොසිතාම බදුල්ලෙන් උදැසන 10ට පිටත්වෙන සීග්‍රගාමී දුම්රියේ පිටත් වීමට පැමිණියේය. අළුතින් ගත් කැමරාව අතේ තියෙද්දී ඔහු ලෝකයේ හොඳම කැමරා ශිල්පියා ය; ඒ ඔහුට ඔහු ගැන සිතෙන ආකාරය ය; නිවසට පැමිණ 600කට අධික වූ චායාරුප ගොන්නෙන් 20ක් පමණ රැස් ඇර ෆොටෝෂොප් කරවා බුකිගත කරන අටියෙන් යළි යළිත් ඒවා දෙස බලමින් ඔහු දුම්රියේ දෙවෙනි පන්තියේ ආසනයක හරි බරි ගැසී ඉඳගත්තේය.
සුළු මොහොතකින් අදහා ගත නොහැකි ලෙස දුම්රිය වෙලාවට බදුල්ලෙන් පිටත් විය. මද වේලාවකින් දැඩි සීතලක් දුම්රිය මැදිරියේ පැතිරී ගියේය. ඉන්නේ කඳුකර පළාතක බැවින් එය එතරම් විශේෂ කාරණයක් නොවීය. මැදිවියේ අයෙක් ආසනයක් සොයමින් විත් ඔහු අසළ ඉඳ ගත්තේ තම ගමන් මළු ඉහළ රාක්කයට දමමිනි. ඔහු දෙස බැලූ එම පුද්ගලයාගේ මුහුණේ අව්‍යාජ සිනහවක් රැඳී තිබිණි. "පුතා තනියෙම බදුල්ලේ ආවේ ට්‍රිප් එකක්ද ? " ඔහු කිසිම පැකිලීමකින් තොරව ඇසුවේය. "අහ් ඔව් අංකල් , මේ අපේ කැම්පස් එකේ යාලුවෙක්ගෙ දිහා ආවා " කැම්පස් එකක් ගැන කීම අනවශ්‍ය වුවත් සැමවිටම කෙසේ හෝ එය සඳහන් කිරීම ඔහුගේ හැටි ය. ඒ තමන් තරමක් පොරක් යයි අසාගෙන සිටින්නාට ඇඟවීමට ය.
"කොහෙද කැම්පස් එක පුතා, අපේ දුවත් කැම්පස් එකේ කොළඹ" අංකල් ගේ පිළිතුරෙන් ඔහු සතුටු විය (සාමාන්‍යයෙන් කැම්පස් එකක් ගැන කී විට පිළිතුර මෙබඳුම විය; කාගේ හෝ නෑදෑයෙක් කැම්පස් එකක සිටී ,ඔහු හෝ ඇය අප දන්නේ යයි ඔවුන් සිතයි) "මොරටුවේ අංකල් ,දැන් අවුට්. මේ PhD එකකට යන්න ලෑස්ති වෙනවා" කතා කිරීම එකකි ,පොරටෝක් දීම තව එකකි; ඔහු මේ දෙකේ වෙනස නොදනී. "හොඳයි හොඳයි පුතා රටට වැඩක් කරන්න එච්චරයි ඕනි වෙන්නේ." මීට වඩා දෙයක් අසයි යයි ඔහු බලාපොරොත්තු වුවත් ඒ පිළිතුරෙන්පිළිතුරෙන් පසු අංකල් නිහඬ විය. ඔහු තරමක් අප්‍රසාදයෙන් වුවත් නැවතත් කැමරාව දෙස බැලුවේය; "PhD කියන්නේ මොකක්ද කියලවත් දන්නැතිව ඇති නිකමට අහපියකෝ ..." ඔහු තමන්ටම කියාගත්තේය.
දුම්රිය බිංගෙයක් තුළට ඇතුළු විය.ඔහුට එය ගානක් නොවී ය. බිංගෙය පසුකර නැවත මැදිරිය ආලෝකමත් වූ විට ඔහු අංකල් දෙස බැලුවේ ය, එතැන අංකල් නැත. ඒත් සමගම ඔහුගේ දුරකථනය ට sms පණිවිඩයක් ආවේය. මේ පළාතේ නියත සිග්නල් හමුවීමක් නැති නිසා alert එකක් විය යුතුයි සිතමින් ඔහු ඒ දෙස බැලුවේය- නොදන්නා අංකයකින් ඒවා තිබූ එහි මෙසේ සඳහන් විය- "පුතා , කොළඹින් බැස්සම මගේ බෑග් එක දුවට දෙන්න, එයා ට මන් පෙට්ටියයි ඉන්න තැනයි කීවා". එකවරම සිදුවූ මෙය කුමන හෝ විහිළුවක්විහිළුවක් විය යුතුය. අංකල් ඔහුගේ දුරකථන අංකය දැනගැනීමට විදියක් නැත. එමෙන්ම ඔහු මේ ළඟ පාත සිටිය යුතුය. බැස යාමට දුම්රිය තවමත් කොහේවත් නැවැත්තුවේ නැත.
හපුතලේ දී දුම්රිය නතර විය,එහෙත් අංකල් ආවේ නැත. එතැන වෙන කෙනෙකු ඉඳගන්නවා බලාගෙන සිටියද ඔහු අංකල් ඉඳගෙන සිටි වගක් නොකීවේ සිදුවූ විකාරය නිසා ය. "මේ යකා කොහේ ගියාද ,පිස්සෙක් ද කොහෙද , මැසේජ් එක තමා තේරුම් ගන්න බැරි .." ඔහු සිතුවේය. නානුඔය , හැටන් නාවලපිටිය පහුකරගෙන දුම්රිය ඇදුනේය. ඔහුට නින්ද ගියේය, ඇහැරෙන විට නුවරත් පහුකරගෙන පොල්ගහවෙලට ආසන්නය. සෙනග පිරී ගියද ,අංකල් ගැන හෝඩුවාවක් නොවීය.
**************************************
දුම්රිය 9.30 වන විට කොටුවට පැමිණියේ ය. පිරී ගිය මැදිරි එකින් එක හිස් වන විට ඔහු තව ටිකක් වෙලා ඉඳගෙන සිට බැසිය යුතුයි සිතුවේ ,අංකල් නැතත් බෑග් මළු ටික තිබූ නිසාය. ඔහුට ඉදිරියෙන් දුම්රිය වේදිකාවේ ගැහැණු ළමයෙක් ඔහු දෙස ජනේලය තුළින් බලා සිටියාය. "ඇයි නංගි බෑග් එක අරං ඕනි ද? " ඔහු ඇසුවේ අක්කා කියනවට වඩා නංගි කීම පලදායි නිසාය. "අයියේ අපේ තාත්තා මගේ ඇඳුම් බෑග් අරගෙන එනවා කීවා , මේ පෙට්ටියේ. ඒත් මට ටිකකට කළින් ආරංචි උනේ එයා කෝච්චියට එන අතරතුර ඇක්සිඩන්ට් වෙලා කියලා, හොස්පිටල් ගෙනිහින් දැන් මොහොතකට කළින් .නැතිවෙලා.. " ඇඩු කඳුලින් නංගී කියාගෙන යද්දී ඔහුට හීන් දාඩිය දැමීය.
**************************************
දුම්රිය 9.30 වන විට කොටුවට පැමිණියේ ය. පිරී ගිය මැදිරි එකින් එක හිස් වන විට ඔහු තව ටිකක් වෙලා ඉඳගෙන සිට බැසිය යුතුයි සිතුවේ ,අංකල් නැතත් බෑග් මළු ටික තිබූ නිසාය. ඔහුට ඉදිරියෙන් දුම්රිය වේදිකාවේ ගැහැණු ළමයෙක් ඔහු දෙස ජනේලය තුළින් බලා සිටියාය. "ඇයි නංගි බෑග් එක අරං ඕනි ද? " ඔහු ඇසුවේ අක්කා කියනවට වඩා නංගි කීම පලදායි නිසාය. "අයියේ අපේ තාත්තා මගේ ඇඳුම් බෑග් අරගෙන එනවා කීවා , මේ පෙට්ටියේ. ඒත් මට ටිකකට කළින් ආරංචි උනේ එයා කෝච්චියට එන අතරතුර ඇක්සිඩන්ට් වෙලා කියලා, හොස්පිටල් ගෙනිහින් දැන් මොහොතකට කළින් .නැතිවෙලා.. " ඇඩු කඳුලින් නංගී කියාගෙන යද්දී ඔහුට හීන් දාඩිය දැමීය.
"ඔයා මේක දැනගත්තේ දැන් ද? හරියටම ෂුවර් ද ? මොකද අංකල් කෙනෙක් මේ බැග් අරං ට්‍රේන් එකට නැග්ගා එයා තාම ඉන්න ඕනි මොකද බෑග් මෙතන" කියමින් ඔහු බෑග් ඇයට පෙන්නුවේ ය. "ඔව් අයියේ මේවා මගේ බෑග් ,ඒත් තාත්තා ට්‍රේන් එකට නගින්න කළිනුයි ඇක්සිඩන්ට් උනේ .. ඔයාට මේවා හම්බෙන්න විදියක් නෑ ..." ඇය අදහාගත නොහැකිව වැලපෙන්නට වුවාය.
No comments:
Post a Comment