Saturday, July 7, 2012

රතු ඇපල් කොළ ඇපල් සහ සුදු ඇපල්..............!

යම්කිසි රටක ජීවත් වන ජනතාව, තම පරමාධිපත්‍ය බලය යොදා ගනිමින් පාලකයන් තෝරාගනු ලබන්නේ එම රටේ අනාගතය සහ වර්තමානය ඔවුන් අතට බාර දීම වඩාත් උචිත යයි සිතමින් ය.එහෙත් අවාසනාවක වත්මන් ප්‍රපන්චයන් පිලිඹHද ගැඹුරින් සන්වාදයේ යෙදීමට සූදානම් වන ඕනෑම අයෙක් තම අදහස් ප්‍රකාශ කල සැනින්
ඔහු හෝ ඇය යම් රාමුගත දේශපාලනයකට ඇද දැමීමට අපේ රටේ බහුතර ජනතාව තුළ ඇම්මක් ඇති බව ප්‍රකට කරුණකි.
යම්කිසි රටක ජීවත් වන ජනතාව, තම පරමාධිපත්‍ය බලය යොදා ගනිමින් පාලකයන් තෝරාගනු ලබන්නේ එම රටේ අනාගතය සහ වර්තමානය ඔවුන් අතට බාර දීම වඩාත් උචිත යයි සිතමින් ය.එහෙත් අවාසනාවකට   

අපි ඇපල් දැක ඇත්තෙමු,ඇපල් නො කෑ අයෙක් නැති තරම් බවද දනිමු,
රතු වුවද කොල වුවද ඇපල් කන්නේ ඇපල් කනවා යන හැගීමෙන් මිස වෙන හැගීමකින් නොවේ ය.ඇපල් කන්නට ඕනෑ කෙනෙක්ට නිදහසක් 
ද තිබේ,ඒ පුද්ගලයාගේ රුචි අරුචි කම අනුව 
ඔහු කැමති පාටක ඇපල් කනු ඇත.ප්‍රශ්නය ඇත්තේ තෝරා ගැනීමට ප්‍රථම එක් වරක් හෝ ඔහුට 
ඇපල් රස පිළිබද අනුභූතියක් ලැබී තිබිය යුතු වීමය,රස පිළිබද දැනීමක් නොමැතිව තෝරා ගන්නා 
ඇපල් කන පුද්ගලයා කෑමෙන් පසුව තමාගේ රුචිකත්වය අවබෝධ කරගන්නේය,මෙසේ එක් දිනක රස යැයි 
සම්මත වූ ඇපල් වර්ගය වෙනත් අවස්ථාවක දී එම පුද්ගලයා විසින් ම නීරස යැයි පැවසිය හැක,
එය මනුස්ස ස්වභාවය ය.එවිට නීරස යැයි හැගුනු ඇපල් අත් හැර වෙනත් ඇපල් වර්ගයක් තෝරා ගත යුතු ය.
එසේත් නැත්නම් ඇපල් කෑම අත් හැරිය යුතුය.
ඇපල් තේරීම සහ දේශපාලන තේරීම අතර ඇත්තේ ද සමානකමකි.
දේශපාලන පක්ෂ පාටවල් අප තෝරාගන්නේ ඒවායේ ප්‍රතිපත්ති යන රසයන් ට ඇළුම් කරනා නිසාවෙනි.
එසේනම් අපි පළමුව ඒ ඒ රසයන් විHද බැලිය යුතු වන්නෙමු.
එහෙත් ඇපල් අත් හරින ලෙසින් දේශපාලනය අත් හැරීමට අප බොළද නොවිය යුතුය.
ඇපල් රස වෙනකෙකුගෙන් අසා තෙරුම් ගත නොහැක්කා සේම දේශපාලන තීරණයද තවත් කෙනෙක්ගෙන් අසා නොගත යුතුය,එය පුද්ගලයාගේ චින්තන සම්ප්‍රදායට සන්ගත වූ අතිශය වැදගත් තීරණයක් බව සිහි තබා ගත යුතුය,මන්ද එය තීරකයාගේ මෙන්ම ඔහු අයිති වන වර්ගයාගේ පැවැත්ම ද තීරණය කරනු ඇත.
රතු හෝ කොල ඇපල් වල රසයට අකමැති නමුදු ඇපල් කන්නම සිදුවේ නම් කළ යුත්තේ "සුදු" ඇපල් වත් සොයා ගැනීමය.
දේශපාලන තීරණය ද එසේමය...  

No comments:

Post a Comment