Wednesday, October 24, 2012

remote sensing හෙවත් දුරස්ථ සංවේදනය

අද ටිකක් වෙනස් දෙයක් අලුත් විදියකට කතා කරන්න ඕනි කියල මට හිතුන නිසාම ගොඩක් දෙනෙක් දන්නා නමුත් බොහෝ දෙනා තවත් දැන ගන්න ආස කරන subject එකක් ගැන කතා කරන්න මම තීරණය කලා.
වැඩි කතා බහක් නැතිවම අපි බලමු remote sensing නැත්නම් දුරස්ථ සංවේදනය කියන්නේ මොකක්ද කියල.

"කිසියම් වස්තුවක් හෝ ප්‍රස්තුතයක්  පිළිබඳව මිනුමක් හෝ තොරතුරු ලබා ගැනීමක් ඒ වස්තුව හෝ ප්‍රස්තුතය හා කිසිදු ආකාරයක භෞතික ස්පර්ශයක් නො කොට කිසියම් උපකරණයක් ආධාරයෙන් සිදුකරන්නේ නම් එය දුරස්ථ සංවේදනයක් වේ ." ලෙස සරලව අපිට remote sensing යන්නට අර්ථ විවරණයක් ලබා දෙන්න පුළුවන්.
උදා: පෘථිවි විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය පිළිබඳ magnetometer එකක් ආධාරයෙන් තොරතුරු ලබා ගැනීම.

මෙහිදී magnetometer එක සංවේදන උපකරණයට උදාහරණයක්, ඒවගේම තමයි,camera,radio frequency receivers,seismographs, gravimeters.. වගේ දේවලුත් අපිට මේ උපකරණ විදියට සලකන්න පුළුවන්.


අපි එදිනෙදා ජිවිතයේ දී නිරන්තරයෙන් දුරස්ථ සංවේදනය සිදු කරන බව අමුතුවෙන් කියන්න උවමනා නෑ නේ,ඇත්තටම අපි අපේ වටපිටාව ගැන දැන ගන්නේ අපේ ඇස් වලින් දැකලා.අපේ මනසින් ඒ දකින දර්ශනය සංස්කරණය කරලා.
නමුත් අපි දකින ලෝකය ඇත්තටම අපි වටේ තියෙන ලෝකයෙන් ඉතාම කුඩා කොටසක්.
  1. අපේ ඇස සංවේදී වෙන්නේ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ (go to වර්ණාවලිය ) දෘශ්‍ය කලාපයට පමණක් වීම 
  2. සිරුරේ පිහිටිම අනුව දර්ශන පථය සිමා වීම 
  3. දකින දර්ශන දිගුකාලීන මතක ගබඩාවක(මෙහිදී මතකය හැසිරවීමට ඇති හැකියාව ද සළකනු ලැබේ) තැන්පත් කිරීමේ නො හැකියාව  
වැනි කරුණු නිසා අපි දකින්නේ ඉතාම සුළු කොටසක්.මේ කරුණු නිසාම වඩා හොඳින් ලෝකය දකින්න scientists ලට වගේම වෙනත් පුද්ගලයන්ටත් ඇතිවුන වුවමනාවෙ ප්‍රතිපලයක් විදියට තමයි,මේ විෂය මේ තරම් දුරට දියුණු වුනේ.

අද ලෝකයට remote sensing නැතිවම බැරි තරම් සමීප වෙලා තියෙන්නෙත් මිනිස්සුන්ගේ තියෙන මේ ආශාවම නිසා වෙන්න ඇති.

හොඳයි ඒ idea එක හිතේ තියාගෙන අපි බලමු කිසියම් දුරස්ථ සංවේදනයක් මුලිකවම අපි චන්ද්‍රිකා මාර්ගයෙන් සිදු කරන ක්‍රියාවලිය කොයි වගේද  කියල.
  • අරමුණ පැහැදිලි කරගැනීම සහ සංවේදක ඒ අනුව තෝරා ගැනීම. 
මේ කියන්නේ යම්කිසි සංවේදන කටයුත්තක් සිදු කිරීම ආරම්භ කිරීමට ප්‍රථම ඒ සංවේදනය සිදුකරන්නේ(නැතිනම් ඒ දත්ත ලබාගන්නේ කුමක් සඳහාද ) කුමක් සඳහා ද යන්න තේරුම් ගත යුතුයි කියන එකයි.හිතන්න අපි satellite එකක් ආධාර කරගෙන වී වගාවක් ගැන තොරතුරු එකතු කරනව කියල එතකොට අපට අදාළ වගාවට උඩින් satellite එක ගමන් කරන frequency ගැන අවබෝධයක් තියෙන්න ඕන නැතිනම් දත්ත රැස් කිරීමේදී අපිට උවමනා අවස්ථාවේදී satellite එක එම ස්ථානයට උඩින් නොපිහිටන්න පුළුවන්.ඒවගේමයි සංවේදක තෝරාගන්න එකත්,අපි දැනගෙන තියෙන්න ඕන අපිට ඕනකරන්නේ මොන ආකාරයක දත්ත ද කියන එක සමහර විට අපි තෝරගත්ත සන්වෙදකයෙන් අපිට ඕනකරන දත්ත ග්‍රහණය කරගන්න බැරි වෙන්න පුළුවන් මේ නිසා මුලින්ම ඒ ගැන අවධානය යොමු කරන එක වැදගත්.

  •  දත්ත ග්‍රහණය කරගැනීම,ගබඩා කිරීම සහ සැකසීම 
මෙහිදී සිදුවන්නේත් ඉතා සරල ක්‍රියාවක් satellite එකෙන් ග්‍රහණය කරගත් දත්ත තොරතුරු බවට පත් කරගන්න තුරු සිදුවන ක්‍රියාව තමයි ඒ.

  • අවසාන වශයෙන් ලබාගත් දත්ත විශ්ලේෂණය  කිරීම.




A- විකිරණ(ආලෝක) ප්‍රභවය   B- තරංග වල ගමන් මාර්ගය  C- object එක සමග සිදුකරන අන්තර් ක්‍රියාව 
D- සංවේදකය මගින් පරවතිත ශක්තිය ග්‍රහණ කරගැනීම 
E- දත්ත විකාශනය ග්‍රහණය කිරීම සහ සැකසීම 
F- විශ්ලේෂණය 
G- ප්‍රයෝගික යෙදවීම 

මේ කරුණු 3 තමයි ඕනෑම දුරස්ථ සන්වේදනයකදී සිද්ද වෙන්නෙ.

දැන් අපි බලමු මේ පද්ධතියක් ගත්තම එහි  ගුණ අගුණ මොන වගේද කියල 

remote sensing පද්ධතියක resolution එකෙන් අපිට ඒ පද්ධතියේ ගුණාත්මක බව නිර්ණය කරන්න පුළුවන් ඇත්තටම මේ system resolution එක කොටස් 4ක resolutions වල එකතුවක් විදියට අපිට දකින්න පුළුවන්.

  1.  spatial resolution
  2. spectral resolution
  3. temporal resolution
  4. radiometric resolution
කියන්නේ ඒ 4 ආකාරයක resolutions වලටයි 

  • spatial resolution 
 සංවේදක උපකරණවල sensors ග්‍රහණය කරගන්නා වර්ග ප්‍රමාණය මෙනමින් හදුන්වන්න පුළුවන්,මේක අපිට සරලව මේවගේ තේරුම් ගන්න පුළුවන් shuttle එකක් තුල සිටින අභ්‍යවකාශ ගාමියෙක් පෘථිවියේ එක ප්‍රදේශයක් දකින අවස්ථාවක් සළකමු.ඔහුට ඒ අවස්ථාවේදී මහද්වීපයක් අපුරුවට දැකගන්න පුළුවන් වෙයි නමුත් ඔහුට ඒ මහද්වීපයේ නැතිනම් අදාළ භුමි කලාපයේ ගෙවල්,වාහන වගේ කුඩා වස්තුන් පැහැදිලිව දැක ගන්න බැහැ.satellite එකක sensor එකක් කියන්නෙත් ම්නිසාගේ ඇස වගේම දෙයක් එයට පැහැදිළිව ග්‍රහණය කරගන්න පුළුවන් අවම වර්ග ප්‍රමාණය කුඩා වෙන තරමටම එහි spatial resolution එක ඉහලයි කියල සලකන්න පුළුවන්. 
 මා මෙහිදී ඉතා වැදගත් දෙයක් කියන්න කැමති බොහෝ දෙනෙක් pixel resolution සහ spatial resolution කියන දෙක සමානයි කියල හිතනවා නමුත් එක වැරදි අදහසක් pixel එකක් කියන්නේ image එකක් හැදිලා තියෙන කුඩාම කොටසට නමුත් spatial resolution එක කියන්නේ sensor එකකට ග්‍රහණය වෙන කුඩාම වර්ග ප්‍රමාණය නැත්නම් භුමි ප්‍රමාණය.
හිතන්න sensor එකක spatial resolution එක 20 m කියල,අපි දැන් මේ sensor එකෙන් ගත්ත image එකක් එයාගේ full resolution එකෙන් display කරනවා කියල.එහෙම උනොත් හැම pixel එකකින්ම නිරුපනය වෙන්නේ වර්ග ප්‍රමාණය 20 m X 20 m උන භුමි කලාපයක්.මේ වෙලාවේදී pixel size එකයි spatial resolution 
එකයි දෙකම එකක්.නමුත් spatial resolution එකට වෙනස් pixel size එකකින් උනත් images පෙන්නන්න පුළුවන් බව අපි මතක තියාගන්න ඕන.නමුත් සමස්ථයක් විදියට satellite image එකක pixel size එක කියන එකෙනුත් අපිට spatial resolution එක හඳුන්වන්න පුළුවන්,pixel size of the image = spatial resolution of the sensor කියල උපකල්පනය කරලා.  





1 comment: